කතාව මිස ආණ්ඩුව මෙතෙක් ගත් තීරණයක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවති රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බළකොටුවයි. කොළඹ මහජනතාවට ගැටලු ගණනාවක් තිබෙනවා. චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගීන් අද බහුල වෙලා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සෞඛ්‍ය මෙන්ම ආර්ථික ප්‍රශ්නවලින් ද අඩුවක් නෑ. පවතින ආණ්ඩුව බලය අල්ලන් ඉන්නේ බොරුවෙන් බව ජනතාව දැන් දන්නවා. මැතිවරණයට පෙර දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට කර නෑ. හැම වෙලාවෙම මොකක් හරි මාතෘකාවක් අරන් සුමාන දෙකක් කෑ ගහනවා. පස්සේ එය යට ගහනවා. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කිව්වට තාම එක හොරෙක්වත් අල්ලලා නෑ. සීඅයිඩියට හතර පස් දෙනෙක් ගෙනිහින් ප්‍රශ්න කර එළියට දානවා. ජනතාවට මේ වනතුරු කිසි දෙයක් වෙලා නැහැ.
අමෙරිකාවේ තීරු බදු ප්‍රශ්නය නිසා අද අපේ රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නය එන්න කලින් අමෙරිකාව සමඟ මේ ගැන සාකච්ඡා කරන්න තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස සිටින කාලයේදී අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතාගේ දකුණු අත වගේ සිටින ඉලෝන් මස්ක් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කළා. ඔහුගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාලය මේ රටට ගෙන එන්න වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. එය ආරම්භ කළා නම් ඉලෝන් මස්ක් අප රටට එනවා. අද වනතුරු මේ ආණ්ඩුව එය ආරම්භ කිරීමට කටයුතු කර නෑ. ඉලෝන් මස්ක් අප රටට පැමිණියා නම් බදු ප්‍රශ්නය ගැන කතා කිරීමට තිබුණා.
මේ ආණ්ඩුවට තීරණ ගන්න බෑ. කතාව විතරයි. අද වනතුරු සංවර්ධන වැඩපිළිවෙළක් නෑ. අදානිගේ සුළං විදුලිබල ව්‍යාපෘතියට ඉඩ දෙනවා කියනවා, නෑ කියනවා. කිසිම ස්ථාවරයක් නැති ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ මහතා කළ දේවල් තමන් කළා කියමින් ආණ්ඩුව ලකුණු දා ගන්නවා. රට බංකොළොත්භාවයෙන් මුදා ගත්තේ සහ භාණ්ඩාගාරයට මුදල් ගෙනාවේ මේ ආණ්ඩුව බව ඇමැතිවරයෙක් පසුගියදා ප්‍රකාශ කළා. ඒ සියල්ලක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ දේ බව ජනතාව දන්නවා. අරගලයෙන් පසු රටේ නීතියක් තිබුණේ නෑ. ආර්ථිකය කඩා වැටී තිබූ එම අවස්ථාවේ අහිංසක ජනතාව වෙනුවෙන් රට භාර ගන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ගෑස්, තෙල්, විදුලිය, පොහොර දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. ඉන්පසු රට ස්ථාවරභාවයකට ගෙනැවිත් ජීවත් වෙන්න හැකි රටක් නැවත හැදුවේ එතුමයි. මේ ආණ්ඩුවේ අය කියන්නේ ඒ දේවල් කළේ ඔවුන් බවයි.”
ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ