රටේ ඕනෑම පුරවැසියකුගේ ජීවිත ආරක්ෂා කිරීම පවතින රජයේ ප්රමුඛ වගකීමක් බව නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
“කොළොන්නාව මහ නගර සභාවේ මීතොටමුල්ල කොට්ඨාසයේ පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් තරුණයා ඊයේ රාත්‍රියේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වෙනවා. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්. සිංහල බෞද්ධ හඬ වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් වසර ගණනාවක් පුරා කළ තරුණයෙක්. ඉතාමත් පැහැදිලිව අපට පෙනී යනවා දැන් විරුද්ධ මත දරන පිරිස් ක්‍රමක්‍රමයෙන් ඝාතන ඉලක්ක බවට පත්වෙනවා කියලා. ඩෑන් ප්‍රියසාද්ගේ ජීවිතය අහිමි වීමට ඔහු දැරූ දැඩි දේශපාලන මතය, දේශපාලන ප්‍රතිවිරුද්ධභාවය හේතුවක් වුණා ද කියන සැකය දැන් අපට තිබෙනවා. මේ තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ අද වනවිට දවසකට අනිවාර්යයෙන්ම එක ඝාතනයක් සිදු වෙනවා.
අපි වගකීමෙන් කියා සිටිනවා, ඩෑන් ප්‍රියසාද් පාතාලයේ සාමාජිකයෙක් නොවේ, මිනීමරුවෙක් නොවේ. ඩෑන් ප්‍රියසාද් කියන්නේ සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි විරෝදාර තරුණයෙක් මිසක්, විරුද්ධ දේශපාලන මතයක් දැරූ තරුණයෙක් මිසක් ඔහුව ඝාතනය කරන්න පාතාලයට කිසිම වුවමනාවක් තිබුණේ නෑ. එසේනම් ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට වගකිවයුත්තේ කවුද? මේ මරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ඩෑන් ප්‍රියසාද් පමණක් නොව අපේ ජීවිතවලටත් මේ වනවිට දැඩි අවදානමක් මතුවෙලා තිබෙනවා.”
මහින්ද අලුත්ගෙදර