Home » ගමේ ඡන්දයක් කියා මැතිවරණය හෑල්ලු කරන්න එපා

ගමේ ඡන්දයක් කියා මැතිවරණය හෑල්ලු කරන්න එපා

-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
April 24, 2025 2:00 am 0 comment

මේ මැතිවරණය පුංචි ඡන්දයක්, ගමේ ඡන්දයක්, පාර හදන එකක් කියලා හෑල්ලු කරන්න එපා යැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ දෙණිපිටියේදී පසුගියදා (21) පැවති Òජය නියතයි – ගම අපිටයිÓ ජන හමු මාලාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“රටේ නීතියක් තියෙනවා. අපි හිතන තරම් වේගයෙන් සමහර දේවල් කරන්න බෑ. අපි ආණ්ඩුව අරන් තියෙන්නේ සන්නද්ධ බලයකින් නොවේ. එහෙම ආණ්ඩුව අරන් තිබ්බා නම් එක පාර ඔක්කොම බන්ධනාගාරවලට පුරවන්න තිබුණා. මර්වින් සිල්වා, චාමර සම්පත් ඇතුළේ ඉන්නවා. කවුරුත් මුකුත් කියන්නේ නෑ.

පිල්ලෙයාන් ඇතුළෙ ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් කෑගහනවා. කෑගහන අය බැලුවාම තේරෙනවා ඒ අයගෙත් කරේ අළු කියලා. පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමයි. කෑගහන කට්ටිය කෑගහන්නෙ ඇයි කියලා හෙට අනිද්දට බලා ගන්න පුළුවන්.

පාස්කු දා ප්‍රහාරයට අවුරුදු හයයි. මේ රටේ දේශපාලනඥයන් එක දෙයක් මතක තියා ගන්න ඕනේ. කවුරු මොන දේ හැංගුවත් හෘද සාක්ෂිය හංගන්න බෑ. ඒක ඔප්පු වෙනවා. පිල්ලෙයාන් හිරේ ඉන්න කොට ගම්මන්පිල කියන්නේ පිල්ලෙයාන් හිරේ ගියපු හේතුව ගැන නෙවෙයි. එයා කියන්නේ පිල්ලෙයාන් හොඳ මිනිහෙක්. එයා හිරේ දාලා ඉන්න එක පව්ලු. එයා රට ජාතිය බේරා ගන්න මහන්සි වුණාලු. ප්‍රභාකරන්ගෙන් මේ රට ගලවා ගත්තලු.

සරත් ෆොන්සේකා බඩවැල් එළියට එන්න බෝම්බ කාපු වෙලාවෙ ඔය ගම්මන්පිල මුකුත් කිවුවේ නෑ. සරත් ෆොන්සේකාටත් වඩා රට, ජාතිය වෙනුවෙන් මහා දැවැන්ත කැප කිරීමක් කළ කෙනෙක් අපි මේ අසාධාරණ විදිහට හිරේ දාලා වගේ තමයි ඒ අය කතා කරන්නේ. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ ඔන්න ඕකට තමයි.

ඒ අය දන්නවා වමාරනකොට ඒ අයගේ නම් ගම් ඔක්කොම එළියට එනවා කියලා. මේ රටේ ජාතිවාදය, ආගම්වාදය පාවිච්චි කරලා, මිනිසුන්ගේ ළඟ තිබූ දේශප්‍රේමී හැඟීම් පාවිච්චි කරලා බලයට කෑදර මජර වැඩ කළ පාලකයන් වෙන කොහෙවත් නෑ. වෙන රටවලත් අපි අහලා තියෙනවා ඒකාධිපති බල කෑදර පාලකයන් ගැන. මේ තරම් තුට්ටු දෙකේ පාලකයන් ගැන නම් අහලා නෑ. මේවා අනිවාර්යයෙන්ම හෙළිදරවු වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඔය සුදු හුණු ගාන සුදු ඇඳගෙන ඉන්න කළු මිනිස්සු අපේ ජීවිත කාලයේම හෙළිදරවු වෙන්න ඕනේ. සහතික ලෙස අපි ඒ අය හෙළිදරවු කරනවා.”

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT