Home » මහින්දානන්ද ඇතුළු සිවුදෙනකුට එරෙහි නඩුව ඔක්. 29 වැනි දා යළි කැඳවන්නැයි නියෝග
මිලියන 39ක කැරම් බෝඩ් සහ දාම් බෝඩ් මිලදී ගැනීම:

මහින්දානන්ද ඇතුළු සිවුදෙනකුට එරෙහි නඩුව ඔක්. 29 වැනි දා යළි කැඳවන්නැයි නියෝග

by sachintha
April 24, 2025 12:09 am 0 comment

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39ක් මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ලබා දී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සිවුදෙනකුට එරෙහිව පනවා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 29 වැනි දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (23) නියෝග කළාය.

සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයවලුන් මෙහි සෙසු චුදිතයන්ය.

සතොස හිටපු සභාපතිවරයෙක් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයවලුන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT