නිවෙස්වලට නොදන්වා හැටන් මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවේ පැමිණි අවුරුදු 16ක පාසල් සිසුවියක් සහ සිසුවෙක් ඔවුන්ගේ මවුපියන්ට භාර දෙන ලෙස හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්. කරුණාකරන් මහතා හැටන් පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පෙරේදා (22) නියෝග කළේය.
ඇල්පිටිය ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවේ යාමට පැමිණ සිටි මෙම සිසුන් පෙම්වතුන් බවත්, එම දෙදෙනා හැටන් නගරයේ සැරිසරමින් සිටියදී පොලීසිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් නිවෙස්වලට නොදන්වා පැමිණ ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම දරුවන් අතුරුදන්ව ඇති බවට ඇල්පිටිය පොලීසියේ පැමිණිල්ලක් ද ඇති බව සනාථ කරගත් හැටන් පොලීසිය සිසුවිය සහ සිසුවාගේ මවුපියන් හැටන් පොලීසිය වෙත කැඳවා භාර දීමට කටයුතු කර ඇත. එහිදී සිසුවිය මවුපියන් සමඟ නිවෙසට යෑම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව දෙදෙනාම අධිකරණය වෙත ඉදිරිපත් කර මවුපියන් වෙත භාර දීමට හැටන් පොලීසියේ නිලධාරීහු පියවර ගත්හ.
නෝර්වුඩ් – රංජිත් රාජපක්ෂ