78
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද (24) හෙට (25), 28 සහ 29 යන දින වෙන් කර තිබේ.
තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමඟින් පහසුකම් සලසා ඇති බව ද එහි දක්වා ඇත.
සුභාෂිණී සේනානායක