Home » දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

by sachintha
April 24, 2025 1:01 am 0 comment

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව පළමු වරට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) රැස්විය.

එම කමිටුව පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබෙන අතර එම කමිටුව හෙට (25) නැවත රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත වෙයි. 2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වන වගන්තිය සමඟ කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලය බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වැනි වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT