Home » බොරැල්ල කින්සි පාරට ගසක් කඩා වැටී ගමනාගමනට බාධා

බොරැල්ල කින්සි පාරට ගසක් කඩා වැටී ගමනාගමනට බාධා

by sachintha
April 24, 2025 1:10 am 0 comment

මෝටර් රථ 4ක්, ත්‍රිරෝද රථ 2ක් හා යතුරුපැදි 2කට හානි

ඉවත් කිරීමට නම් කළ ගසක්

 

බොරැල්ල, කනත්ත වටරවුම ඉදිරිපිට කින්සි මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ඊයේ (23) උදෑසන බොරැල්ල වටරවුමෙන් කින්සි පාරට ඇතුළුවීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

අධික වර්ෂාවත් සමඟ හමාගිය සුළඟ හේතුවෙන් මේ ගස කඩා වැටී ඇත.මෝටර් රථ 4ක්, ත්‍රිරෝද රථ 2ක් හා යතුරුපැදි 2කට මෙයින් හානි සිදු වී ඇති බව බොරැල්ල පොලීසිය සඳහන් කළේය.

පුද්ගලයන්ට මෙමඟින් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නැතිව බව ද පොලීසිය පවසයි.කොළඹ මහ නගර සභාව විසින් කඩාවැටුණු ගස ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

අවදානම හේතුවෙන් මේ ගස ඉවත් කිරීමට නම් කර තිබූ එකක් බව කොළඹ මහ නගර සභාවේ තොරතුරු සඳහන් කළේය.වර්ෂාවත් සමඟ ඊයේ උදෑසන හමාගිය සුළඟින් බොරැල්ල හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව ගස් අතු කඩාවැදීම් රැසක් වාර්තා වී තිබිණි.

ඡායාරූප – රුක්මල් ගමගේ

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT