පෝලන්තයේදී පැවැති ලෝක ආහාර ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික කෘෂිකර්ම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
වොර්සෝහි පැවැති 11 වැනි ලෝක ආහාර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික සමාගම් දෙකක් ඉදිරිපත් වී තිබෙන අතර “සිලෝන් ටී ලෑන්ඩ් පුද්ගලික සමාගම” සහ “සී.අයි.සී කෘෂි නිෂ්පාදන අපනයනය” සමාගම් සිය නිෂ්පාදන ඉදිරිපත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය එක්ව තිබෙන අතර “Ceylon Tea Land Pvt Ltd ආයතනය මඟින් පිරිසිදු ලංකා කළු, කොළ, ඖෂධීය, රසකාරක සහ කාබනික තේ ප්‍රදර්ශනය කර ප්‍රවර්ධනය කර ඇත. ඊට අමතරව “CIC කෘෂි නිෂ්පාදන අපනයනය” මඟින් සෞඛ්‍ය සම්පන්න සහල් වර්ග ප්‍රවර්ධනය කර තිබේ.
එක් එක් සමාගම්වලට තම නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමටත්, අදාළ අංශ සමඟ නව සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් මෙය අවස්ථාවක් වී තිබෙන අතර ශ්‍රී ලාංකික සමාගම්වලට ද නව අවස්ථාවන් උදාකර ගැනීම සඳහා අවස්ථාවක් වී ඇත. මෙය ආහාර කර්මාන්තය සඳහා පෝලන්තයේ විශාලතම B2B ප්‍රදර්ශනය ලෙස පිළිගැනෙන අතර, ව්‍යාපාරික ගැළපීම්, සම්මන්ත්‍රණ, විවාද, තරග සහ සජීවී සංදර්ශන ඇතුළුව අංගයන් රැසකගෙන් සමන්විත වී තිබේ.
ආහාර අංශයේ නවතම ප්‍රවණතා සහ නවෝත්පාදනයන් ද මෙහි දී ගවේෂණය කර තිබෙන අතර මෙම වසරේ ප්‍රදර්ශනය සඳහා ආහාරපාන ගැනුම්කරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් 6,800කට අධික සංඛ්‍යාවක් මෙන්ම රටවල් 30කින් ප්‍රදර්ශකයින් 300ක් පමණ සහභාගී වී තිබේ.
මහින්ද අලුත්ගෙදර