ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම ආර්ථික විශේෂඥ සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ කාර්ය කණ්ඩායම් නායක (Task Team Leader) ආචාර්ය ෂේව් සලාවු මහතා එම ව්‍යාපෘතියට ලබාදුන් දායකත්වය පිළිබඳ විශේෂ ඇගයීමකට ලක් කර ඇත.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ කාර්යයන් ක්‍රියාත්මක කරවීමට සහය වන 14 වැනි ලෝක බැංකු දූත මණ්ඩලය විසින් උතුරු පළාතේ ව්‍යාපෘති ප්‍රගතිය නිරීක්ෂණය සිදු කරන අතරතුරදී උතුරු පළාතේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෝර්ජ් බාබු මහතා විසින් ආචාර්ය ෂේව් සලාව් මහතාට මෙම ඇගයීම් තිළිණය පිරිනමන ලදි. මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී ආචාර්ය සලාවු මහතාගේ දුන් සුවිශේෂී නායකත්වය, ස්ථීර සහයෝගය සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය සඳහා ලබා දුන් අගනා දායකත්වය සඳහා මෙම ඇගයීම සිදු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය, ආචාර්ය ෂේව් සලාවු මහතාගේ මඟපෙන්වීම කැපවීමෙන් සහ උපායමාර්ගික දැක්මකින් යුතුව සංවර්ධන අරමුණු කරා මෙහෙයවීමට කටයුතු කළ අතර ඔහුගේ නායකත්වය ඵලදායි සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය පමණක් නොව සෑම අදියරකදීම ව්‍යාපෘතියේ කාර්යයන් විශිෂ්ට අන්දමින් සැපයීමට ව්‍යාපෘති කණ්ඩායමට ධෛර්යයක් වූ බව ද ඒම ව්‍යාපෘතිය සඳහන් කර ඇත. බිම්මට්ටමින් ව්‍යාපෘතියේ බලපෑම සහ සඵලතාව වැඩිදියුණු කිරීම සඳහා ඔහු මෙම ව්‍යාපෘතියට අඛණ්ඩ සහයෝගය ලබා දී තිබේ.
බුද්ධිකා ඉඹුලාන