බීසීසී ආයතනයේ මූලික පරමාර්ථය වෙන්නේ රටේ පොල්තෙල් අවශ්‍යතාවෙයන් අවමය සියයට පනහක් වත් බීසීසී ලාංඡනය යටතේ වෙෙළඳපොළට නිකුත් කිරීම බව බී.සී.සී. සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.
පාඩු ලබමින් තිබූ බීසීසී ආයතනය පසුගිය මාස 3 තුළ ලාභ ලැබීම සම්බන්ධයෙන් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසීය.
මෙහි දී අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීය.
හැමෝම කිවුවේ මේ ආයතන ගොඩගන්න බැහැ. පෞද්ගලික ආයතනයකට විකුණන්න ඕන කියලා. රාජ්‍ය ආයතනයක් ලෙස දුවන්න බැහැ කියලයි කිවුවේ.
සෞභාග්‍යවත් රටක් හොඳ ජීවිතයක් ගතකරන්න අවශ්‍ය අවකාශ ලබා දීමේ රජයේ ජනාධිපතිවරයාගේ දැක්ම යටතේ මේ ආයතනය සහ අනෙකුත් ආයතන රජයට රටට බරක් නොවී ලාභදායි හොඳ ආයතන බවට පවත්වාගෙන යන අභියෝගය අපි භාර ගත්තා. 2025 ජනවාරි මාසේ ඉඳලා මේ ව්‍යාපාරය නැවත ගොඩනංවලා රටට, රජයට අත්‍යවශ්‍ය නිෂ්පාදන ලබා දීලා දැයේ ව්‍යාපාරයක් බවට පත්කරන්නයි අපට අවශ්‍ය වුණේ.
බ්‍රිතාන්‍යයෙන් අපට ලැබුණු මේ ආයතනය දැනටත් ආසියාවේ තියෙන විශාලතම පොල්තෙල් නිෂ්පාදන කටයුතු කරන ආයතනය සහ පිරිපහදු කරන ආයතනයයි.
මේ පිරිපහදු කටයුතු සිද්ධ වෙන්නේ අනෙකුත් ආයතනවල වගේ නොවේ. සීයට සීයක් ස්වාභාවික පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ටොන් දහදාහකට වැඩිය ගබඩා කරන්න පුළුවන් තෙල් ගබඩා ටැන්කි තියෙනවා. කොළඹ කර්මාන්තශාලාවේ සහ වතුපිටිවල කර්මාන්තශාලා දෙකේම අපි වැඩකටයුතු කරගෙන යනවා.
කිසිම අභියෝගයක් නැතුව ජනවාරි මාසේ අපි ආරම්භ කරපු පළමුවෙනි මාසේ අපි ඉදිරි වසරක වැඩපිළිවෙළ පිළිබඳ සැලැස්මක් ආරම්භ කළා. මාස තුනෙන් තුනට සැලැස්ම සූදානම් කළා. පළමුවෙනි මාස තුනේ මිලියන අනූපහක වෙෙළඳ ඉලක්කයක් සපුරුවා.
පෙබරවාරි මාසේ අඩුම දින ගණනක් තිබුණට වසර සීයකට වඩා පැරණි ආයතනයේ පෙබරවාරි මාසේ මිලියන 121ක වෙළෙඳ ඉලක්කයක් සපිරුවා. බිසීසී ආයතන ඉතිහාසයේ වැඩිම වෙෙළඳ ඉලක්කයක් සැපිරූ මාසය වන්නේ එයයි.
අපේ සැලැස්ම අනුව මාර්තු මාසේ එයත් අබිබවා මිලියන 124ක වෙළෙඳ ඉලක්කයක් සපුරා අතිවිශාල ලාභයක් අපි ආයතනයට ලබා දීලා තියෙනවා.
මේ නිෂ්පාදන සියල්ලම පෙළගස්වා තිබෙන්නේ රටේ ජනතාවටයි. ශ්‍රී ලාංකිකයන් විදෙස් රටවල ජීවත් වෙනවා. අපට ලැබෙන හොඳම ප්‍රතිචාර තමයි පිටරටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර. දැනටමත් අපෙන් කතා කරලා අහන දෙයක් තමයි ඔබේ නිෂ්පාදන වැඩිදියුණු කරලා තියෙනවද, ගුණාත්මකභාවය ඉහළ දාලා තියෙනවාද කියලා.
රටවල් කිහිපයක් සමඟ දැනට සාකච්ඡා කරගෙන යනවා. ඔවුන්ගේ අවශ්‍යතාව ගැන අපි කතාබහ කරගෙන යනවා. ඒ අවශ්‍යතා අනුව නිෂ්පාදන කටයුතු ක්‍රමවත්ව කරගෙන යනවා. අපේ පර්යේෂණාගාර කටයුතු ඉහළ නංවා තිබෙනවා. නව පරීක්‍ෂණාගාරයක් ලහි ලහියේ හදාගෙන යනවා. ඒකෙත් වැඩ කටයුතු ඉක්මනින් ආරම්භ වෙනවා.
බීසීසී කියන්නේ වසර සීයකට වඩා පරණ ආයතනයක්. මේ බීසීසී නාමය යටතේ කවදාවත් අපේ රටට සහ ලෝකයට නරක දෙයක් ගුණාත්මකභාවයෙන් අඩු දෙයක් දීල නැහැ. අපි ගුණාත්මකභාවය ඉහළ දාලා රටේ ජනතාවට අවශ්‍ය නිෂ්පාදන ලබා දෙනවා.
මේක රාජ්‍ය ආයතනයක් සෑම පුද්ගලයකුටම මිල දී ගැනීමේ හැකියාවක් තිබෙන නිෂ්පාදන රැසක් තමයි අපි ගාව තියෙන්නේ. හැමෝම කණ්ඩායමක් විදිහට රටක් විදිහට එකතු වෙන්න ඕනේ.
ඉදිරියේ බීසීසී ආයතනය කියන්නේ පොල්තෙල් හා පවිත්‍රකාරක පමණක් නිෂ්පාදනය කරන ආයතනයක් නොවේ.
නැවතී තිබෙන නිෂ්පාදනත් තව කීප දිනකින් අෙලවිසල්වලට ලැබෙනවා. අපේ ජාලය පුළුල් කරද්දිත් ත්‍රිවිධ හමුදාව අමතක කළේ නැහැ. හමුදා අවශ්‍යතාවන් සපුරන ක්‍රමවේදයක් අප සූදානම් කළා. ඔවුන් සමඟ ගිවිසුම්ගත වුණා. ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් එක්ක අපි ඒ කටයුතු කරගෙන යනවා. සමුපකාරයත් සමඟත් අපි අත්වැල් බැඳගෙන තියෙනවා. සමුපකාර වෙළඳසල් ජාලය මේ වෙද්දී අපේ නිෂ්පාදන අලෙවි කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. අපි ජනතාවට කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න කොහේ හෝ නිෂ්පාදන නැත්නම් අපිව දැනුම්වත් කරන්න. අපේ නිෂ්පාදන මිල දී ගන්න. අපි සෑම විටම නිෂ්පාදනයට සරිලන මිලක් පාරිභෝගිකයන්ට ලබා දීලා තියෙනවා. පිටරටින් ගෙන්වන පොල්තෙල් නෙමෙයි අපි ගාව තියෙන්නේ සීයට සීයක් දේශීය නිෂ්පාදන.
පොල් මිල ක්‍රමයෙන් අඩුවෙනවා. ඉදිරියේ දී මීටත් වඩා සුදුසු අඩු මිලක් නිෂ්පාදනයට සරිලන මිලක් අපිට දෙන්න පුළුවන්. අපේ මූලික පරමාර්ථය වෙන්නේ රටේ පොල්තෙල් අවශ්‍යතාවෙන් අවමය සියයට පනහක්වත් බීසීසී ලාංඡනය යටතේ වෙෙළඳපොළට නිකුත් කිරීමයි.
නෙරංජලා වික්‍රමසිංහ
ඡායාරූපය – සුදත් මලවීර