කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අද (24) මාතර අධිකරණයට භාර වී තිබේ.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15” හෝටලයක ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.
එහිදී එම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමීන්තුව විසින් 9 වැනි සැකකරු ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාව නම් කර තිබුණි.
ඒ අනුව ඔහු මෙලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.
ඊට අමතරව, ඔහු 2023 වසරේ අගෝස්තු 2 වැනිදාකුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.