රක්ෂිත භූමියක අනවසර වගා බිමක් තුළ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අන්නාසිගල ගොවි සංවිධානය නම් වූ සංවිධානයේ සභාපති ලලාජිත් මානවඩු නැමැත්තා බවට වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බදුල්ල හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහපැලස්ස රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත් බවට චෝදනා ලත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඇතුළු පිරිස සාමාජිකත්වය දරන්නේ ද අන්නාසිගල ගොවි සංවිධානයේ ය.
රක්ෂිත භූමියක අනවසර වගා බිමක් තුළ දී මෙලෙස අත්අඩංගුවට ගත්තේ එහි සභාපතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා වේ.
පසුගිය ආණ්ඩුවල දේශපාලන බලය යොදා ගනිමින් ඔවුන් එලෙස රක්ෂිත ඉඩම් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල විය.