Home » පාප් වහන්සේගේ දේහයට ගෞරව දැක්වීමට වතිකානයට ජන ගඟ ගලයි

පාප් වහන්සේගේ දේහයට ගෞරව දැක්වීමට වතිකානයට ජන ගඟ ගලයි

-දේහය සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරයි

by sachintha
April 24, 2025 1:43 am 0 comment

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඊයේ විසිදහසකට අධික බැතිමත්හු වතිකානයට එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ උදෑසන කැසා සැන්ටා මර්තාහි දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකින් පසුව පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එනු ලැබීය. උන් වහන්සේට අවසන් ගෞරවය පුද කිරීමට දහස් සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊයේ සිට දින තුනක කාලයක් බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තැබෙන පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (26) වතිකාන වේලාවෙන් උදෑසන 10.00ට සාන්ත මේරි මැජියෝරි බැසිලිකාවේදී සිදු කිරිමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT