Home » පොතුවිල් අස්මින්ගේ චරිතාපදානය එළිදකී

පොතුවිල් අස්මින්ගේ චරිතාපදානය එළිදකී

by sachintha
April 24, 2025 1:57 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දමිළ කවියෙකු සහ ප්‍රශංසනීය චිත්‍රපට ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින්ගේ ජීවිත කතාව ‘පොතුවිල් අස්මින්’: ‘පොතුවිල් සිට ලෝකයට – ගෝලීය දෙමළ හඬ’ නමින් ඉංග්‍රීසි භාෂාවෙන් චරිතාපදානයක් ලේඛනගත කර ඇත. මෙම පොත ඇමසන් කින්ඩල් හරහා චෙන්නායි හිදී මෑතකදී නිල වශයෙන් එළිදැක්විය. ඊට ලයිකා සමූහයේ සභාපති අල්ලි රාජා සුබාස්කරන්, ලයිකා හෙල්ත් හි සභාපතිනි වෛද්‍ය ප්‍රේමා සුබාස්කරන් සහ ලයිකා ප්‍රොඩක්ෂන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ජී.කේ.එම්. තමිල් කුමාරන් යන අය සහභාගි වූහ.

‘නාන්’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සහ නළුවකු වන විජේ ඇන්ටනි විසින් රචනා කරන ලද ‘තප්පෙල්අම් තැප්පේ ඉල්ලයි’ ගීතය හරහා පොතුවිල් අස්මින් දමිළ සිනමාවේ ප්‍රසිද්ධියට පත්විය. කලාව, සාහිත්‍යය, මාධ්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර සඳහා ඔහු වසර 27කට වැඩි කාලයක් දායකත්වය ලබා දී ඇත. මේ නිසාම සමකාලීන දමිළ නිර්මාණශීලිත්වයේ වැදගත් හඬක් ලෙස ඔහු ස්ථාපිත වී තිබේ.

අස්මින් විසින් රචිත කැපී පෙනෙන දමිළ කාව්‍ය සංග්‍රහයන් අතර විදියලින් රාගංකල් (2001), විඩේ තෙදුම් විනාක්කල් (2002), පාඹුගල් කුලික්කු නැති (2013) දැක්විය හැකිය.

අස්මින්ගේ වඩාත්ම කීර්තිමත් නිර්මාණයක් වන ‘අයියෝ සාමි නී එනක්කු වෙනාම්’, ශ්‍රී ලංකාවේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සහ යූ-ටියුබ්හි වැඩිම පිරිසක් නරඹන ලද දමිළ ගීතය බවට පත් විය.

පොතුවිල් අස්මින් විසින් ජාතික හා ජාත්‍යන්තර සම්මාන 30කට අධික සංඛ්‍යාවක් දිනාගෙන ඇත. ඔහු “ජාත්‍යන්තර කවියාරසු කන්නදාසන්” සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT