Home » සිංගප්පූරුවට අපෙන් පොත්

සිංගප්පූරුවට අපෙන් පොත්

by sachintha
April 24, 2025 1:52 am 0 comment

ජාත්‍යන්තර ග්‍රන්ථ හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිංගප්පූරුවේ ජාතික පුස්තකාල මණ්ඩලය වෙත ග්‍රන්ථ එකතුවක් පිරිනමන ලදී. එය ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා විසින් සිංගප්පූරු ජාතික පුස්තකාල මණ්ඩලයේ අන්තර් සම්බන්ධතා හා උපායමාර්ගික සමූහයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, පුස්තකාල සංගම් හා ආයතන පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ ආසියානු හා ඕෂනියා කලාප සාමාන්‍යාධිකාරිනී මිෂෙල් ලාඋ මහත්මිය වෙත අප්‍රේල් 02 වැනිදා, සිංගප්පූරුවේ මධ්‍යම මහජන පුස්තකාල පරිශ්‍රයේ දී සිදු විය.

මෙම වැඩසටහන යටතේ දෙරටේ පුස්තකාල අතර විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ග්‍රන්ථ හුවමාරුව සිදුකෙරෙන අතර එමඟින්, දෙරට අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගැනීම අපේක්ෂිතය.

දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා ප්‍රවර්ධනය හා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද මෙහිදී සිදුකෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT