Home » මැයි 05 සහ 06 පාසල් නිවාඩු

මැයි 05 සහ 06 පාසල් නිවාඩු

by chanaka
April 24, 2025 6:18 pm 0 comment

මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 වැනිදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මැයි මස 7 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරෙනු ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් මැයි 04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බවත් ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT