Home » ගුජරාට් පෙරමුණ රැකගනී

ගුජරාට් පෙරමුණ රැකගනී

by sachintha
April 23, 2025 12:08 am 0 comment

නායක ශුබ්මන් ගිල්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අයිපීඑල් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ගුජරාට් ටයින්ස් පිල සමත් විය.

තරගාවලියේ 39 වැනි තරගය ලෙස ඊඩ්න් ගාඩන්ස් පිටියේ පැවති තරගයේදී ගුජරාට් පිල හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් පිල ලකුණු 39කින් පරාජයට පත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ගුජරාට් පිල ලබාදුන් ලකුණු 199ක ඉලක්කය හමුවේ කොල්කටා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 159ක් පමණි.

මෙය ගුජරාට් පිල තරග 8කදී වාර්තා කළ 6 වැනි ජය වන අතර, 7 වැනි තැන පසුවන කොල්කටා පිල පරාජය වූ 5 වැනි තරගයයි.

අජින්ක්‍යා රහනේ පන්දු 36කින් ලකුණු 50ක් රැස් කරමින් කොල්කටා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, අන්ක්‍රිෂ් රඝුවන්ෂි නොදැවී ලකුණු 27ක් රැස් කළේය. පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් සහ ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2 බැගින් දවාගත්හ.

ගුජරාට් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් නායක ශුබ්මන් ගිල් වේගවත් ලකුණු 90ක් රැස් කළේ පන්දු 55කිනි. හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එල්ල කළ ඔහුට අනගි සහායක් දුන් සායි සුදර්ශන් පන්දු 36කින් ලකුණු 52ක් රැස් කළ අතර, ජොස් බට්ලර් පන්දු 23කදී නොදැවී ලකුණු 41ක් ඉනිමට එක් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT