Wednesday, April 23, 2025
Home » කළුතර සුපර් ෆයිටර්ස් චෙස් සටන සූදානම්

කළුතර සුපර් ෆයිටර්ස් චෙස් සටන සූදානම්

-පාසල් තුනේ චෙස් ක්‍රීඩා නායකයන් කුසලානය සමඟ

by sachintha
April 23, 2025 1:07 am 0 comment

කළුතර දිස්ත්‍රික්‌ ජනප්‍රිය පාසල්‌ තුනක්‌ වන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, මතුගම සී.ඩබ්‌ලිව්.ඩබ්‌ලිව්. කන්නන්ගර විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල අතර වාර්ෂිකව පැවැත්වෙන සුපර්‌ ෆයිටර්ස්‌ කුසලානය සඳහා වූ තුන්කොන්‌ චෙස් තරගාවලිය ලබන මස 3 වැනිදා පැවැත්වේ.

මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ශ්‍රවණාගාරයේදී පැවති අතර, මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයටයි.

මෙහිදී ශූරයන්ට පිරිනැමෙන කුසලානය ද එළිදැක්වූ අතර, මේ අවස්ථාවට තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලුක වීරසිංහ,

ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති රන්දුනු ජයලත් සහ

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ විෂය සමගාමී භාර ආචාරිනී නදීෂා ලක්මිණි ගම්මන්පිල මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවට සුපර් ෆයිටර්ස් චෙස් සංගමයේ ලේකම් ලලිත් අධිකාරම්, කළුතර දිස්ත්‍රික් චෙස් සංගමයේ ලේකම් මදුශාන් සමීර දිසානායක යන මහත්වරු සමඟ පාසල් තුනට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් ද එක්ව සිටියහ.

ගල්පාත – චන්දන පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT