Wednesday, April 23, 2025
Home » ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිනුම් තටාකය ක්‍රීඩක අයිතියට

ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිනුම් තටාකය ක්‍රීඩක අයිතියට

by sachintha
April 23, 2025 2:01 am 0 comment

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය ඊයේ (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ආරාධනාවෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් මේ නව පහසුකම නිල වශයෙන් විවෘත කළේය. එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ ක්‍රිකට් නායිකා චමරී අතපත්තු මහත්ම මහත්මීහුද සහභාගිවී සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයන් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT