මධ්‍යම පළාතේ එළවළු වගාවන් සඳහා යොදා ගන්නා ආධාරක ඉනිවල මිල ඉහළ යෑම හේතුවෙන් එළවළු වගාකරුවෝ මහත් අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින බව ගොවි සංවිධාන පවසා සිටිති.
වසර ගණනාවක සිට තක්කාලි, වැටකොළු, මෑ කරල්, කරවිල වැනි ආධාරක මත වැඩෙන එළවළු වර්ග රැසක් සඳහා මධ්‍යම පළාතේ එළවළු වගාකරුවෝ ගිනිසීරියා කෝටු භාවිත කරති.
රුපියල් පහෙන් ඇරඹි ගිනිසීරියා කෝටුවක නව මිල රුපියල් 15.00 – 20.00 දක්වා ඉහළ ගොස් ඇතැයි ගොවීහු පවසා සිටිති.
කිසිදු මුදලක් වැය නොවන ගිනිසීරියා කෝටු වැටවල් හා හිස් භූමිවල ඉතා පහසුවෙන් වැවෙන ශාකයක් වුවත් ඇතැම් පිරිස් විසින් කල දුටු කල වළ ඉහගන්නා ක්‍රමවේද යටතේ ගිනිසීරියා කෝටුවක් සඳහා රුපියල් 15.00 සිට 20.00 දක්වා මිලක් ලබාගනිමින් සිටින බව ගොවිහු පවසා සිටිති.
ගොවීන් එසේ පැවසුවත් ගිනිසීරියා කෝටු වගාකරන පිරිස් වෙතින් කළ විමසීමක දි ඔවුන් පවසා සිටියේ ගිනිසීරියා වගාවට මුදල් වැය නොවුණද ශාක ප්‍රවේසම් කිරීම සඳහා කප්පාදු ක්‍රම භාවිතය මෙන්ම වෙනත් වගාවන් සිදු නොකර ගිනිසීරියා වගාවන් නඩත්තු කළ යුතු බවයි.
එම නිසා සිය භූමිවලින් ලබාගත හැකි වෙනත් භෝගවල අස්වැන්න අත්හැර දමා ගිනිසීරියා වගාකරනු ලබන්නේ ආදායම් ලබාගැනීමේ අරමුණින් බවත්, එය ගොවීන්ට ද සාධාරණ තත්ත්වයක් බවත් ඔවුහු පවසා සිටියහ.
නාඋල සමූහ