Wednesday, April 23, 2025
Home » බදුල්ල පළාත් පාලන ඡන්දේ ආරක්ෂක කටයුතු පිළිබඳව පොලීසිය දැනුම්වත් කෙරේ

බදුල්ල පළාත් පාලන ඡන්දේ ආරක්ෂක කටයුතු පිළිබඳව පොලීසිය දැනුම්වත් කෙරේ

by sachintha
April 23, 2025 1:28 am 0 comment

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය විමසීම් දිනට අදාළ ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (21) බදුල්ල දිස්ත්‍රික් ලේකම් / සහකාර තේරීම් භාර නිලධාරී ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙහිදී මැතිවරණ ආරවුල් නිරාකරණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා පෝස්ටර්, කටවුට් ඉවත් කිරීම ආදී කරුණු පිළිබඳ හා රාජකාරී සිදු කිරීමේදී පවතින ගැටලු හා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (වැ.බ.) නිලන්ති සමරවික්‍රම, සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න, මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ සහකාර තේරීම් භාර නිලධාරී රෝහණ බණ්ඩාර, බදුල්ල කොට්ඨාසයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා බදුල්ල මැතිවරණ ආරවුල් නිරාකරණ සම්බන්ධ කටයුතු කරන පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

බදුල්ල සමූහ නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT