Wednesday, April 23, 2025
Home » දකුණු කලාපීය වෙරළ තීරයේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක්

දකුණු කලාපීය වෙරළ තීරයේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක්

by sachintha
April 23, 2025 1:27 am 0 comment

මාතර වෙරළ තීරයේ දමන කැස්බෑ බිත්තර කැදලි හම්බන්තොට බුන්දල උඩමල වෙරළ තීරයේ තැන්පත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මිරිස්ස වනජීවී කාර්යාලයට අනුබද්ධ මාතර වෙරළ තීරය තුළ බිත්තර දමන බිත්තර කැදලි අනාරක්ෂිතභාවයෙන් පවතින හෙයින් එම බිත්තර කැදලි ආරක්‍ෂා කිරීම සඳහා උඩවල වෙරළ තීරයේ තැන්පත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය තීරණය කර ඇත.

ඒ අනුව මාතර කඹුරුගමුව, මඩිහ, දික්වැල්ල වෙරළ තීරයන්හි ඇති බිත්තර කැදලි හම්බන්තොට බුන්දල උඩවල ආරක්ෂිත වෙරළ තීරයේ තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙයට සමගාමීව මාතර වෙරළ තීරයෙන් ලබාගත් බටු කැස්බෑ පැටවුන් පනහක්, මුහුදට මුදා හැරීම හම්බන්තොට බුන්දල උඩවළ වෙරළ තීරයේදී සිදුකෙරිණි.

ලෝකයේ කැස්බෑවුන් වර්ග හතක් ජීවත් වන අතර ලංකා වෙරළ තීරය තුළ ඉන් කාණ්ඩ පහක් ජීවත් වේ. ඒ දාර කැස්බෑවා, ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔළුගෙඩි කැස්බෑවායි.

මෙරට මුහුදු සීමාවේ වැඩිපුරම ජීවත් වන්නේ ගල් කැස්බෑවන් සහ බටු කැස්බෑවුන් යන වර්ග දෙකය. මාතර වෙරළ තීරයෙන් ගල් කැස්බෑවුන් කැදලි හයක් සහ බටු කැස්බෑවුන් කැදලි දහයක බිත්තර ලබාගෙන හම්බන්තොට උඩවල වෙරළ තීරයේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

එම කලාපය ඉතාමත් ආරක්ෂිත කලාපයක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කිරීමටද පියවර ගෙන තිබේ.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT