Wednesday, April 23, 2025
Home » මහවැලි සී කලාපයේ යල කන්නයට ජලය මුදාහරී

මහවැලි සී කලාපයේ යල කන්නයට ජලය මුදාහරී

by sachintha
April 23, 2025 1:26 am 0 comment

මහවැලි සී කලාපයේ යල කන්නය වගා කටයුතු සඳහා වාරි ජලය නිකුත් කිරීම පසුගියදා (20) දේශීය කෘෂි තාක්ෂණික චාරිත්‍රවලට අනුකූලව උල්හිටිය රත්කිඳ මහවැලි මහ ජලාශයේ වම් සොරොව්වෙන් නේවාසික ව්‍යාපාර කළමනාකාර එච්.එම්.කේ.ආර්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

හේරත් මහතා පැවසූ පරිදි මහවැලි සී කලාපයේ වාරි ජලයෙන් වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 22410ක් පමණ වේ. මෙම කන්නයේදී එම බිම් ප්‍රමාණයෙන් 10%ක බඩඉරිඟු, මුං, මිරිස් මෙන්ම එළවළු වැනි අතිරේක භෝග වර්ග වගා කරවීමටද සූදානම් කර තිබේ. අපේක්ෂිත වී අස්වනු ප්‍රමාණය හෙක්ටෙයාරයකින් වී කිලෝග්‍රෑම් 6000ද ඉක්මවීමයි. බඩඉරිඟු හා මුංඇට වගාව සඳහා රජය මඟින් 75%ක සහනාධාරයක් ලබාදීමට ද සූදානම් කර ඇත. සී කලාපයේ ලියාපදිංචි ගොවි සංවිධාන 200කි. ජලාශ 57කි. වාරි ජලය ඉතා අරපරෙස්සමින් පාවිච්චි කරන ලෙසට ද ගොවීන් දැනුම්වත් කර ඇත.

ගිරාඳුරුකෝට්ටේ සමූහ

සෝමදාස සමර ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT