Wednesday, April 23, 2025
Home » වසන්ත උදානය නුවරඑළිය වනසලා

වසන්ත උදානය නුවරඑළිය වනසලා

by sachintha
April 23, 2025 1:23 am 0 comment

පසුගිය දින කිහිපය තුළ නුවරඑළියේ වසන්ත උදානයට පැමිණි ඇතැම් දේශීය සංචාරකයන් පරිසරය විනාශ කර ඇති බව නුවරඑළිය ප්‍රදේශවාසීහු පවසා සිටිති.

සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ නුවරඑළිය වසන්ත උදානය නැරඹිමට දේශීය සංචාරකයන් විශෘල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි ඇතැම් සංචාරකයන් ඉකුත් 20 වැනිදා දක්වා නුවරඑළියේ රැඳී සිටි බවයි නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ නිලධාරීන් පවසා සිටියේ.

එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රය ඇතුළු සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල ඔවුන් රැගෙන ආ ප්ලාස්ටික්, පොලිතින්, ආහාර මලු, වතුර බෝතල්, බියර් ටින් ඇතුළු අපද්‍රව්‍ය රැසක් පරිසරයට මුදාහැර ඇති අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.

නුවරඑළිය මහ නගර සභාව විසින් කැළිකසළ වර්ගීකරණය කර බැහැර කිරීම සඳහා කසළ බඳුන් තබා තිබුණද ඇතැම් සංචාරකයන් කැලි කසළ පරිසරයට මුදාහැර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT