Wednesday, April 23, 2025
Home » මහ වැස්සෙන් තවත් හැඩවූ රාවණා ඇල්ල

මහ වැස්සෙන් තවත් හැඩවූ රාවණා ඇල්ල

by sachintha
April 23, 2025 1:02 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන රාවණා ඇල්ලේ ජල ධාරාව විශාල ලෙස වැඩිවී වඩාත් මනස්කාන්ත ලෙස කඩාහැලෙන අයුරු මේ දිනවල දැකගත හැකිය. අලුත් අවුරුදු නිවාඩුව අවසන් වුවද මේ වන විටත් විනෝද ගමන් යන විශාල පිරිසක් මෙන්ම විදෙස් සංචාරකයින්ද මේ දිනවල රාවණා ඇල්ල නැරඹීමට පැමිණෙන අතර එසේ පැමිණෙන ඇතැමුන් රාවණා ඇල්ල නැරඹුම් වේදිකාවේ සිට ඇල්ල නැරඹීමෙන් නොනැවතී මාර්ගයෙන් ඉහළ කොටසේ දිය ඇල්ල ආශ්‍රිත ගල්පර මතට නැඟී ඉතා අවදානම් ලෙස ඡායාරූප ගැනීම ආදී කටයුතුවල නියැළෙන ආකාරයද දක්නට හැකිය.

හාලිඇළ සමූහ

ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT