Wednesday, April 23, 2025
Home » පාරිසරික ඇමැති යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණයක

පාරිසරික ඇමැති යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණයක

by sachintha
April 23, 2025 1:21 am 0 comment

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු රජයේ නියෝජිතයෝ කණ්ඩායමක් ඉකුත්දා යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියහ. ජාතික වනෝද්‍යානයේ සංචාරක කටයුතු සිදු කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

මෙහිදී යාල පට්ටනංගල සංචාරක විවේකාගාරයද අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය. වනෝද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය පිළිසකර කර නිසි පරිදි නඩත්තු කිරීම, වනෝද්‍යානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කසළ කළමනාකරණය, වනජීවී නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට සිය සේවාවන් ඉටු කිරීම සඳහා පහසුකම් සැලසීම මෙහිදී අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්විය. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සන්ධිස්ථානයන් බවට පත්කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.

තංගල්ල සමූහ – පද්මසිරි ගාර්දියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT