කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය සංසදය විසින් රචනා කරන ලද ග්‍රන්ථ ද්විත්වයක් හෙට (24) එම විද්‍යාලයීය එළිමහන් රංග ශාලාවේදී නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතය.
මෙහිදී එළිදැක්වෙන ‘විදුමිණ’ නමැති ග්‍රන්ථය කාව්‍ය සංග්‍රහයක් වන අතර ‘අස්න’ නමැති ග්‍රන්ථය කෙටිකතා සංග්‍රහයක් බව විදුහල්පති අයි.ආර්.ජී.එස්. ලක්ප්‍රිය බණ්ඩාර මහතා පැවසීය. මෙම ග්‍රන්ථ ද්විත්වයට අදාළ කාව්‍ය හා කෙටිකතා මෙම විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ වන අතර, එහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ග්‍රන්ථ කවර නිර්මාණය හා අකුරු සැකසුම විද්‍යාලයේ සිසුන් විසින් සිදුකරනු ලැබ තිබීමයි. ග්‍රන්ථ සඳහා මූල්‍ය අනුග්‍රහය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ලබා දෙන ලද බව විදුහල්පතිවරයා වැඩිදුරටත් කීය.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද