Wednesday, April 23, 2025
Home » ගලගෙදර නැඟෙනහිර ‘සේවා පියස’ පිවිසුම වතුර වළක්

ගලගෙදර නැඟෙනහිර ‘සේවා පියස’ පිවිසුම වතුර වළක්

by sachintha
April 23, 2025 1:26 am 0 comment

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලගෙදර නැඟෙනහිර ග්‍රාම නිලධාරී වසමේ, සේවා පියස කාර්යාලයට ප්‍රවේශ වන ස්ථානයේ කාලයක සිට සුළු වර්ෂාවකට පවා ජලය රැඳී පැවතීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම මාර්ගය සේවා පියස කාර්යාලයට සහ පාදුක්ක සුරාබදු කාර්යාලයට එන නිලධාරීන් සහ ජනතාවත්, ඒ අසල පදිංචිව සිටින පවුල් කිහිපයක ජනතාවත් පාවිච්චි කරති. පාදුක්ක – හංවැල්ල ප්‍රධාන මාර්ගයට පහළින් මෙම මාර්ගය පැවතීමත්, වැසි දිනවලදී ඉහළ ප්‍රදේශවලින් ගලා එන ජලය මෙම ස්ථානයෙන් බැස යෑමට නිසි කානු පද්ධතියක් නොතිබීමත් හේතුවෙන් මෙලෙස වැසි දිනවලදී කාර්යාලය ඉදිරිපිට ජලය රඳා පවතින බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු කර, මෙම ස්ථානයේ පවතින ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙසයි.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT