Home » බුදුන්ගේ දර්ශනය පරිසරය සුරැකුමට හේතු වුණා

බුදුන්ගේ දර්ශනය පරිසරය සුරැකුමට හේතු වුණා

-සර්වජන බලයේ නායක, මන්ත්‍රී දිලිත් ජයවීර

by sachintha
April 23, 2025 1:46 am 0 comment

ඕනෑම රමණීය පරිසරයක බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිවීමෙන් එම පරිසරය ආරක්ෂාවීමක් මිස විනාශවීමක් සිදු නොවන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ දඹුල්ලේ ඉදිකෙරෙන සිරි ගෞතම සුගත මුණි සෑයට මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.

විහාරාධිපති බෙරලපනාතර මේධංකර හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මේ පුණ්‍යෝත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“නිරාගමික සංකල්ප සමාජගත කරන්නට නව මාධ්‍ය භාවිත වුණා. ආගමික උරුමය වන මේ බුදු දහමට එරෙහිව, අපේ ස්වාමීන් වහන්සේට එරෙහිව, පන්සලට එරෙහිව නව චෛත්‍ය නිර්මාණය පිළිබඳව නව සමාජ මාධ්‍ය තුළ නිශේධනාත්මකව කතාබහක් ඇති වුණා. ඒ යුගයේ තමයි අපි හිතුවේ තවත් චෛත්‍ය හදන්නට ඕනේ, තවත් පන්සල් හදන්නට ඕනේ කියලා. මෙයට මුහුණදීමට තියෙන එකම ක්‍රමය තමයි මෙය වඩාත් තීව්‍ර කිරීම. ඒ නිසා මම පෞද්ගලිකව රට පුරා ස්වාමීන් වහන්සේලාගේ ආරාධනයෙන් චෛත්‍ය නිර්මාණයට උත්සුක වුණා.

ඓතිහාසිකව චෛත්‍ය නිර්මාණය වුණේ රමණීය පරිසරයක තමයි. ඒක කිසිම පරිසර විනාශයක් නෙමෙයි. පරිසරය රැකීමයි සිදු වුණේ. බුදුරජාණන් වහන්සේගේ දෙසුමේ තිබුණේ පරිසරය රැකෙන දර්ශනයක්. ගහකොළ, සතා සිව්පාවා සුරැකෙන ඒ අවිහිංසාවාදයේ දර්ශනය තව තවත් පරිසර සුරැකුමට හේතු වෙනවා මිස කිසිම විනාශයකට හේතු වෙන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT