Thursday, April 24, 2025
Home » ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය තැපෑලට එයි

ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය තැපෑලට එයි

by yasara
April 23, 2025 4:09 pm 0 comment

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ” කුෂ්” සහ ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක්  ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය   (Express Mail Service ) ඔස්සේ  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව  වෙත ලැබී තිබියදී , කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

ඇමෙරිකාව , එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල  සිට ශ්‍රී ලංකාවේ  මීගමුව , කදාන , කතරගම , ගනේමුල්ල , මාළඹේ , කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14 ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා  ( Scan Test ) කිරීම් සිදු කර , ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර ” කුෂ්”  කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 677 ක් සහ ” හෂීෂ් ” කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 852 ක් තිබූණි.

මීට අමතරව මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි .

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT