රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ” කුෂ්” සහ ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී , කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
ඇමෙරිකාව , එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව , කදාන , කතරගම , ගනේමුල්ල , මාළඹේ , කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14 ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීම් සිදු කර , ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙම මත්ද්‍රව්‍ය තොගය අතර ” කුෂ්” කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 677 ක් සහ ” හෂීෂ් ” කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 852 ක් තිබූණි.
මීට අමතරව මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි .
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .