Wednesday, April 23, 2025
Home » “Living in Türkiye” රචනා තරගයෙන් එරන්ද මහගමගේට සම්මාන

“Living in Türkiye” රචනා තරගයෙන් එරන්ද මහගමගේට සම්මාන

by sachintha
April 23, 2025 1:18 am 0 comment

 

ශ්‍රී ලාංකේය චිත්‍රපට නිෂ්පාදකයකු සහ පර්යේෂකයකු වන එරන්ද මහගමගේ මහතා තුර්කියේ පැවති “Living in Türkiye” ජාත්‍යන්තර රචනා තරගයේ විශේෂ ජූරි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

තුර්කි භාෂා හා සාහිත්‍ය සංගමය සහ Presidency for Turks for Turks and Related Communities එක්ව සංවිධානය කරන ලද මෙම තරගය පසුගිය 18 වැනි දින තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්විණි.

මෙම උත්සවයට තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය යූසුෆ් ටෙකින්, YTB සභාපති, අබ්දුල්ලා එරන් සහ තුර්කියේ මහා ජාතික සභාවෙහි ජාතික අධ්‍යාපන, සංස්කෘතික, තරුණ හා ක්‍රීඩා කොමිසමේ හිටපු සාමාජික Ekrem Erdem මහත්වරුන්ද රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, ජූරි සභිකයන් සහ තුර්කියේ ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවේ නියෝජිතයෝ සහභාගි වූහ.

තුර්කිය පිළිබඳ අධ්‍යයනය කළ, ජීවත් වූ හෝ සැලකිය යුතු මතකයන් තබා ඇති ජාත්‍යන්තර සිසුන් 300ක් පමණ මෙම තරගයට රචනා ඉදිරිපත් කර තිබිණි. එරන්ද මහගමගේ මහතා සිනමාව, සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය ඇතුළත් විවිධ වෘත්තීන්හි නියැළි වෘත්තිකයෙකි. ඔහු දැනට ඉස්තාන්බුල් මෙඩෙනියෙට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ඉන්දියාවේ සාවිත්‍රිබායි ෆුලේ පූනේ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

මහගමගේ මහතාගේ “ජීවිතය නොමැතිව ජීවත් වීම” සහ “ඩිජිටල් ගර්භාෂය- සාර්ක්” චිත්‍රපට උලෙළ, ලාස් වේගාස් ජාත්‍යන්තර සාමය සහ චිත්‍රපට උලෙළ සහ ලොස් ඇන්ජලීස් රියල් ටු රීල් යූත් චිත්‍රපට උලෙළේ සම්මාන ඇතුළුව ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇත. ‘විමුක්ති සිනමාව’ හි කතුවරයා ලෙසත් her.him. The other (2018) විධායක නිෂ්පාදකයා ලෙසත් කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT