Wednesday, April 23, 2025
Home » තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ගේ 51 වැනි කණ්ඩායම ජපානයට

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ගේ 51 වැනි කණ්ඩායම ජපානයට

by sachintha
April 23, 2025 1:18 am 0 comment

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ගේ 51 වැනි කණ්ඩායම රැකියා සඳහා ජපානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ IM Japan ආයතනය එක්ව සිදු කරන තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) මඟින් ජපානය බලා විදේශගතවූ 51 වැනි තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභී කණ්ඩායමට ගුවන් ටිකට්පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

13 දෙනකුගෙන් සැදුම් ලත් මෙම පුහුණුලාභි කණ්ඩායම ජපානය බලා පිටත්ව ගියහ. සාත්තු සේවා අංශය සඳහා පුහුණුලාභීන් 6 දෙනෙක්, ආහාර සැකසුම් සහ නිෂ්පාදන අංශය සඳහා පුහුණුලාභීන් දෙදෙනෙක්, ඉදිකිරීම් අංශය සඳහා පුහුණුලාභීන් 4ක් සහ මෝටර් රථ නඩත්තු අංශය සඳහා පුහුණුලාභියෙක් මෙම කණ්ඩායමට ඇතුළත් විය.

IM Japan වැඩසටහන යටතේ මේ වන විට සාත්තු සේවා, ඉදිකිරීම්, නිෂ්පාදන, ඇසුරුම්, මෝටර් රථ, කාර්මික නඩත්තු අංශය වැනි ක්ෂේත්‍ර සඳහා තාක්ෂණික පුහුණුලාභීන් 560 දෙනෙක් ජපානය වෙත රැකියා අවස්ථා සඳහා පිටත්ව ගොස් ඇත. තවත් 100ක් පමණ පුහුණුව ලබමින් සිටින බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT