ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා ආහාරපාන ලබාදීමේ දී සංවිධායකයන් මුහුණ දුන් ගැටලු හඳුනා ගනිමින් ඔවුන් සඳහා ආහාර පිසීමට අවශ්‍ය හාල්, පොල් ඇතුළු වියළි ආහාර තොගයක් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දීමට මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ පියවර ගෙන තිබේ.
මෙම වියළි ආහාර ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීමට නියමිතය.
යුද හමුදාව මඟින් මේ වන විට සැදැහැවතුන් වෙනුවෙන් ආහාර පිසීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන අතර, පෙරේදා (20) දිනයේ දී බත් පාර්සල් 8000 ක් ජනතාව අතර බෙදා දීමට ඔවුන් පියවර ගෙන තිබිණි.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ මඟින් සැදැහැවතුන් 15000 ක් සඳහා අවශ්‍ය ආහාර පාර්සල් ලබාදීමට අවශ්‍ය වියළි ආහාර ලබාදුන් බව එහි සභාපති යසස් චන්ද්‍රසේකර මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති යසස් චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අසේල කුරුළුවංශ