Wednesday, April 23, 2025
Home » මහජන ගෞරවය සඳහා ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

මහජන ගෞරවය සඳහා ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

by chanaka
April 23, 2025 4:05 pm 0 comment

මහජන ගෞරවය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද(23) සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30ට පමණ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි. මේ වනවිට ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටින අතර පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මිහිදන් කිරීමට නියමිතය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකාන නගරයට පැමිණෙන බව නිවේදනය කර තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිතය.

අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වනු ඇති බවද විදෙස් වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT