Wednesday, April 23, 2025
Home » ඔරලෝසුව එක තැන

ඔරලෝසුව එක තැන

by sachintha
April 23, 2025 1:41 am 0 comment

ගම්පහ නගරයේ වතුරමල හන්දියේ වටරවුම තුළ ඉදිකර ඇති ඔරලෝසුව දිගු

කලක් තිස්සේ ක්‍රියාවිරහිතව පවතියි. එහි මුහුණත් හතරෙහි වේලාවන්

හතරක් සටහන්ව ඇති බව නගරවාසීහු පවසති.

ගම්පහ නගරයට ඉමහත් අලංකාරයක් මෙන්ම ජනතාවට මහත් ප්‍රයෝජනවත් වූ

මෙම ඔරලෝසුව කලක් ගම්පහ මහනගර සභාව මඟින් නඩත්තු කළ අතර, පසුව එහි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දී තිබුණි. ඉන්පසුව මෙම තත්ත්වය උදාවූ බව පෙන්වා දෙන ජනතාව ඔරලෝසුව නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

රුවන් සමන්ත යක්කල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT