දැනට මාස කිහිපයක සිටම බියගම, මල්වාන තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නන්ගේ උග්‍ර හිඟයක් පවතින හෙයින් එම බලප්‍රදේශයේ ලියුම් බෙදීම මේ වනවිට අඩපණ වී ඇත. මේ නිසා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ලිපි දිනපතා බෙදීමට නොහැකිව තැපැල් කාර්යාලය තුළ දිනෙන් දිනම ගොඩගැසෙමින් පවතී.
මේ වනවිට මෙහි සිටින්නේ ලියුම් බෙදන්නන් තුන්දෙනකු පමණක් නමුත් එම තැපැල් කාර්යාලයේ සිටිය යුතු ලියුම් බෙදන්නන් සංඛ්‍යාව හතක් වේ.
මේ තැපැල් කාර්යාලයට දිනකට හදිසි ලිපි, සාමාන්‍ය තැපැල්, ටෙලි මේල්, ලියාපදිංචි ලිපි හා පාර්සල් ආදී වශයෙන් දිනකට ලිපි 1000ත් 1500ත් අතර සංඛ්‍යාවක් ලැබෙන අතර ඒවා අතර රට ලිපි, සම්මුඛ පරීක්ෂණ ලිපි, විභාග අයදුම්පත් හා බැංකුවල උකස් කරන රන් භාණ්ඩ සඳහා ලිපි ද වෙයි.
එම තැපැල් බලප්‍රදේශයට කළුකොඳයාව, උලහිටිවල, යබරලුව හා මාපිටිගම වශයෙන් ලියුම් බෙදන කොට්ඨාස 04ක් තිබෙන අතර එහි නිවාස 6160ක් පමණ වේ. නමුත් ලියුම් බෙදන්නන්ගේ පවතින හිඟය නිසා එක් කොට්ඨාසයකට ලියුම් බෙදෙන්නේ සතියකට එක් දිනක් පමණක් වන බව කියවේ.
ඒ හේතුවෙන් පසුගිය මහමැතිවරණයේ ලැබුණු ඡන්ද කාඩ්පත් සියල්ලම බෙදා අවසන් කිරීමට ද නොහැකි වී ඇත.
මේ තැපැල් කාර්යාලයේ පවතින ලියුම් බෙදන්නන්ගේ උග්‍ර හිඟය ගැන අදාළ ප්‍රධානීන් දැනුම්වත් කර ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් තවම ලැබී නැති බව එම තැපැල් කාර්යාලය කියයි.
මහානාම විතානගේ
මල්වාන