වැලිකඩ පොලිස් භාරයේ සිටියදි පසුගිය 02 දින මියගිය 26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23)දින බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රී පුද්ගල වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදි ගොඩ ගැනිමට කටයුතු කෙරිණි.
මෙලෙස ගත් දේහය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දී සත්සරගේ මව සහ පියා විසින් හඳුනාගැනීමෙන් පසුව අදාල මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරිමට පොලිස් ආරක්ෂාව යටතේ දේහය කොලඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙයි.
අදාල සිද්ධිය සිදුවන අවස්ථාවේ දි වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කල අය මේ වනවිට ධුරයෙන් ඉවත්කර ,එම සිදුවිමේදි තම රාජකාරි පැහැර හැරිය බවට නිරික්ෂණය වු පොලිස් සැරයන් වරයෙකු ගේ මා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.