Wednesday, April 23, 2025
Home » ශානි අබේසේකරට තවත් වගකීමක් පැවරෙයි

ශානි අබේසේකරට තවත් වගකීමක් පැවරෙයි

by yasara
April 23, 2025 3:53 pm 0 comment

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව ද පත්කර තිබෙයි.

මෙම පත් කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදු කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතීත්වයෙන් සිව් දෙනෙක්ගෙන් යුත් කමිටුවේ සාමාජිකයන් ගණන 05 දක්වා වැඩි වී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT