වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා මියගිය 26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රීපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.
අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.
වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව කියන මීගහකිවුල, පහලගෙදර තුරුලිය සෙවන පදිංචි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරුණයාගේ මරණයට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලමින් මීගහකිවුල හා අවට ප්‍රදේශවාසීහු පසුගිය (07) වැනිදා මීගහකිවුල නගරයේදී නිහඬ උද්ඝෝෂණයක් ද සිදු කළහ.