Wednesday, April 23, 2025
Home » විප්ලවීය රාමසාන් උපවාසය

විප්ලවීය රාමසාන් උපවාසය

by sachintha
April 23, 2025 1:02 am 0 comment

දන මන පිනට වඩන්නට
අන් කුස ගිනි දනවන්නට
මුල් සඳ එළි දකින විට
පෙළ ගැසෙනවා අප උපවාස රකින්නට

අන් හිංසන පිටු නොදැක
පරුෂ චචන මුනිවතෙන් නොරැක
කුස ගිනි දැරීම නරක
උපවාස බව කියයි නබි නායක

තොසින් නිල සැප විඳ නිති
කැපකොට දෙවිඳු නමින් වඳිති
වඩන්නට මනුසත් ගති නිති
උපවාසය අපහට පිටිවහලක් වෙති

පර සතු බලය බිඳවා
බද්ර් උහද් සටන දිනුවා
උපවාස දිනයක බව හඟවා
පවසනු ඉතිහාසය කඳුළු සොළවා

අසල්වැසි කුස ගිනි දැක දැක
තම කුස පිරවීම මානුෂික
නොවන බව කියයි නබි නායක
උපවාසයද ගැන ආදර්ශයක

දුගී බව හැඟුමෙන් අවබෝධ කොට
වැදි බස් නොදොඩා ලෙස සට කපට
සදකා, සකාත් දෙන්නට පීඩිත දනන් හට
උපවාසය රුකුලකි පින්වතුන්ට

ඒ. ඩබ්. අබ්දුල් අසීස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT