Home » වයඹ ආණ්ඩුකාර ක්‍රිකට් ශූරතාව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට

වයඹ ආණ්ඩුකාර ක්‍රිකට් ශූරතාව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට

by sachintha
April 22, 2025 1:24 am 0 comment

වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමය විසින් සංවිධාන කළ වයඹ පළාත් ආණ්ඩුකාර අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී සමුපකාර පිල හමුවේ පරාජය වූ වයඹ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු කණ්ඩායමට අනුශූරතාව හිමි විය.

මේ තරගාවලියට වයඹ පළාතේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් සහභාගි වූ අතර, තරගාවලියේ ජය සංකේත ප්‍රදානය වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, වයඹ ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංගකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT