Home » බංග්ලාදේශයට එරෙහි යොවුන් පිලේ නායකයා විමත්

බංග්ලාදේශයට එරෙහි යොවුන් පිලේ නායකයා විමත්

by sachintha
April 22, 2025 1:21 am 0 comment

මෙරට තරග සංචාරයට එක්වන බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරට හිමිව තිබේ.

කෙසේ වෙතත් විමත්ගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, එම සංචිතය මුල් එක්දින තරග දෙක සඳහා පමණක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් කමිටුව කටයුතු කර ඇත.

දෙරට අතර එක්දින තරගාවලිය තරග 6කින් සමන්විත වන අතර, මේ 26 වැනිදා පළමු තරගය කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට එක්වීමට පෙර බංග්ලාදේශ පිල මේ 24 වැනිදා පුහුණු තරගයකට එක්වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය අප්‍රේල් මස 26 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අප්‍රේල් මස 24 වැනිදා පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතය.

පළමු තරග දෙකට එක්වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය – විමත් දින්සර (නායක), දුල්නිත් සිගේරා, දිමන්ත මහවිතාන, විරාන් චමුදිත, කවීජ ගමගේ, කිත්ම විදානපතිරණ, රමිරු පෙරේරා, ආදම් හිල්මි, දිනුර දම්සිත්, චාමික හීනටිගල, රසිත් නිම්සර, කුගදාස් මාතුලන්, විග්නේෂ්වරන් ආකාෂ්, තරූෂ නවෝද්‍ය, සනුජ නිඳුවර.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT