ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධාන කළ 49 වැනි ‘එල්.වී. ජයවීර‘ අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පේරාදෙණිය මධ්‍ය මහ විදුහල සමත් වූ අතර, ශූරියන් සඳහා පිරිනැමෙන ඩොනල්ඩ් මුණසිංහ කුසලානය දිනා ගැනීමට දොඹගොඩ සීලරතන මහා විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පිළිමතලාව ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේදී පේරාදෙණිය ක්‍රීඩකයෝ රන් පදක්කම් 3ක් දිනාගත් අතර, හොරණ විද්‍යාරතන මහ විදුහල රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් සමඟ අනුශූරතාව දිනා ගන්නා ලදි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට කිලෝග්‍රෑම් 37-40 බර පන්තියෙන් තරග කරමින් රන් පදක්කම දිනාගත් පේරාදෙණිය මැදි විදුහලේ රිවිනු හේරත් සමත් විය. ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු ලෙස දසුන් ප්‍රියනාත් සහ බොක්සිං ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස සමන්ත වීරසිංහ මහත්වරු කටයුතු කරති.
දොඹගොඩ සීලරතන ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, අනුශූරතාව හිමිවූ ලංකාතිලක මහ විදුහල රන් පදක්කම් 3ක් දිනා ගන්නා ලදි.
ප්‍රතිඵල මෙසේය : බාලක – පී.ඩී.වී. ප්‍රභාත් (මහනුවර විද්‍යාර්ථ – කි.ග්‍රෑම් 30-33), ඕ.එස්. ෂහීර (හොරණ විද්‍යාරතන ම.වි. – කි.ග්‍රෑම් 33-35), වික්‍රමදාර (කඹුරුපිටිය ම.වි. – කි.ග්‍රෑම් 35-37), එච්.එම්.ආර්.එම්. හේරත් (පේරාදෙණිය ම.වි. – කි.ග්‍රෑම් 37-40), වයි.ජී.ආර්. තීක්ෂණ (කොටගල සිරි පැරකුම් විද්‍යාලය – කි.ග්‍රෑම් 40-43), කේ.එම්.ඩී.එන්. ජයරත්න (පේරාදෙණිය ම.වි. – කි.ග්‍රෑම් 43-46), එස්.ඩී.ඩී.එස්. තේනුවර (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – කි.ග්‍රෑම් 46-49), එච්.පී.ආර්.යූ. හපුහින්න (කොළඹ රාජකීය විද්‍යාලය – කි.ග්‍රෑම් 49-52), ජී.එම්.ඒ.එම්. සූරියබණ්ඩාර (පේරාදෙණිය ම.වි. කි.ග්‍රෑම් 52-55), පී.වී.ඕ.ඕ.ඒ. පරණවිතාන (පිළිමතලාව ධීරානන්ද විද්‍යාලය – කි.ග්‍රෑම් 55-58), ඒ.ඩී.වී.ආර්. අලුත්ගේ (හොරණ ශ්‍රී මේධංකර ම.වි – කි.ග්‍රෑම් 58-61), එල්.යූ.ඒ.ටී. එරංගන (බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය – කි.ග්‍රෑම් 61-64), ජේ.ඒ.එම්.එස්.එස්. ජයසූරිය (හොරණ විද්‍යාරතන ම.වි. -කි.ග්‍රෑම් 64-67), එස්.එච්.ටී. අංජන (කොලොන්න ජාතික පාසල – කි.ග්‍රෑම් 67-70), එස්.එම්.ඒ.ඩී.එස්. සුක්ෂිත (කොළඹ ආනන්ද විද්‍යාලය – කි.ග්‍රෑම්70ට වැඩි).
බාලිකා – ඩබ්ලිව්.ජී.එස්.වී. ජයකොඩි (ලංකාතිලක ම.වි. – කි.ග්‍රෑම් 30-33), ජී.ජී.එස්. විහංගන (ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන ම.වි. – කි.ග්‍රෑම් 33-35), පී.ජී.එම්.එස්. අබේදීර (ලංකාතිලක ම.වි. – කි.ග්‍රෑම් 35-37), යූ.ජී.වී.ඊ.කේ. උඩවත්ත (ලංකාතිලක ම.වි. – කි.ග්‍රෑම්37-40), එච්.එම්.එස්. විජේමුණි (මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය – කි.ග්‍රෑම් 40-43), ඩබ්.ඒ.ඩී.බී. වෙත්තසිංහ (ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන ම.වි. – කි.ග්‍රෑම්43-46), එන්.එම්. චෙනායා (දොඹගොඩ සීලරතන මහා විද්‍යාලය කි.ග්‍රෑම් – 46-49), ජී.ඩී.ජී. පෙරේරා (හොරණ තක්ෂිලා ම.වි. – කි.ග්‍රෑම් 49-52), ආර්.ඩී. කුමාරි (දොඹගොඩ සීලරතන මහා විද්‍යාලය – කි.ග්‍රෑම් 52-55), ඩී.එස්. වැලිකටිය (හොරණ ශ්‍රී පාලි විද්‍යාලය -කි.ග්‍රෑම් 55-58), එච්.ඩී.අයි. සෙහන්සා (දොඹගොඩ සීලරතන මහා විද්‍යාලය – කි.ග්‍රෑම් 58-61), කේ.ජේ.එම්.ඕ. විහංසා (හොරණ ශ්‍රී පාලි විද්‍යාලය – කි.ග්‍රෑම් 61-64), එම්.ජී.ඒ.අයි.යූ. ගමගේ (මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය – කි.ග්‍රෑම් 70ට වැඩි).
නිරෝෂාන් ප්‍රියංකර