Home » චන්ද්‍රිකාට එංගලන්තයේදී රන් ද්විත්වයක්

චන්ද්‍රිකාට එංගලන්තයේදී රන් ද්විත්වයක්

by sachintha
April 22, 2025 1:03 am 0 comment

යෝනෙක්ස් සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ බැඩ්මින්ටන් ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා සමත් වූවාය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අධීක්ෂණය යටතේ එංගලන්ත බැඩ්මින්ටන් ආයතනය මඟින් සංවිධාන කළ මේ තරගාවලියේදී අවුරුදු 50න් ඉහළ කාන්තා කේවල ඉසව්වෙන් සහ අවුරුදු 45න් ඉහළ මිශ්‍ර යුගල තරගයේදී රන් පදක්කම් දිනා ගැනීමට චන්ද්‍රිකාට හැකිවිය.

මිශ්‍ර යුගල තරගයේදී ඩෙන්මාර්ක් ක්‍රීඩක මෝර්ටන් රශ්මුෂන් සමඟ එක්ව චන්ද්‍රිකා තරග කර තිබිණි.

රටවල් 15ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ සහභාගිත්වයෙන් එංගලන්තයේ හැට්ෆීල්ඩ් නුවර පැවති මේ තරගාවලියේ ජයග්‍රහණය සමඟ එළඹෙන සැප්තැම්බර් මස තායිලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීමට චන්ද්‍රිකා ද සිල්වා සුදුසුකම් ලබා තිබේ.

චන්ද්‍රිකා ද සිල්වා ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියාය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT