Home » මහවැලි බී කලාපයේ අක්කර පන්දහසක් යල කන්නයේ වැඩිපුර වී වගාවට

මහවැලි බී කලාපයේ අක්කර පන්දහසක් යල කන්නයේ වැඩිපුර වී වගාවට

by sachintha
April 22, 2025 1:19 am 0 comment

මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ මාදුරුඔය ජලාශය යටතේ වෙනත් කන්නවලට වඩා ගොවීන් අක්කර පන්දහසකට වැඩි ප්‍රමාණයක් වී වගා කිරීමට පෙලඹී ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 133ක් පමණ තිබෙන අතර එම ගොවි සංවිධානවලට අයත් ගොවි පවුල් 19,000ක් යල කන්නයේ අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක් වී වගා කිරීමට මුල් බිම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

ගොවීන් වෙනත් කන්නවල යල මහ දෙකන්නයේ වී වගා කරන්නේ අක්කර 20,000ට ආසන්න බිම් ප්‍රමාණයකි.

මෙවර යල කන්නයේ වී වගා කිරීම සඳහා මාදුරුඔය ජලාශය යටතේ ඉකුත් 30 වැනිදා ජලය නිකුත් කර ඇති අතර ඒ අනුව ගොවීන් යුහුසුලුව යල කන්නයේ වී වගා කිරීමට කටයුතු කරමින් සිටිති.

මීට අමතරව බී කලාපයට අයත් දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ ඉද්දපිච්ච වැව යටතේ ගොවි පවුල් 200කට ආසන්න පිරිසක් මහ කන්නයේ අක්කර 800කට ආසන්න බිම් ප්‍රමාණයක සාර්ථක වී වගාවක් සිදුකොට තිබේ.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT