Home » කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වෙයි

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වෙයි

by sachintha
April 22, 2025 1:19 am 0 comment

2025 වසරේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය විදුහල්පති සී.කේ. මහමිතව මහතාගේ මඟ පෙන්වීම යටතේ හා ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය ඒ.එම්. සෝමාවතී මහත්මියගේ සංවිධානයෙන් ඉතාම සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබී ඇත.

ඒ සඳහා විද්‍යාලයේ 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට ඡන්දය දීම ඇතුළු විශාල අත්දැකීම් සම්භාරයක් ලබාදෙමින් කථානායක, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයක් පත්කොට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී මංගල සැසිවාරය පවත්වනු ලැබීය.

මෙම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස එම්.යූ. බණ්ඩාර සහ සභාපති ලෙස වරුණ සස්මිත සිසුන් ඡන්දයෙන් පත් වූහ.

මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය ජනාධිපති නීතිඥ චන්ද්‍රා ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්, කුරුණෑගල කලාප අධ්‍යක්ෂිකා, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා, විද්‍යාලයේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති, ක්‍රීඩා හා විෂය සමගාමී භාර නියෝජ්‍ය විදුහල්පති හා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සිසුන්ද, මවුපියන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙම මංගල සැසිවාරය පැවැත්වීමට හැකිවී තිබේ.

දිගු කාලයක් මලියදේව සිසු දරුවන් වෙනුවෙන් සුවිශේෂී ගුරු භූමිකාවක් ඉටු කළ සෝමාවතී ගුරු මාතාව සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර අවසන් වරට සංවිධානය කරන ලද වැඩසටහන මෙය වීමත් විශේෂත්වයකි. ඇයට සමුදීම වෙනුවෙන් අද (21) දින උත්සවයක්ද සංවිධානය කර තිබේ.

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT