සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ වසා දමා තිබුණු නිවාස 4ක් බිඳ රුපියල් ලක්ෂ 10ක පමණ දේපොළ සොරකම් කළ අයියා මලෝ දෙදෙනා ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 30 සහ 27 හැවිරිදි අයියා මලෝ දෙදෙනෙකි. කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න ප්‍රදේශයේ පිහිටි නිවාස හතරක පිරිස තම නිවාස වසා දමා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයන්හි ඥාති නිවාස වෙත ගොස් තිබියදී සැකකාර අයියා මලෝ දෙදෙනා අදාළ නිවෙස වෙත ගොස් වහලයට නැඟ නිවාස තුළට රිංගා ශීතකරණයක්, ගෑස් ළිපක්, ගෑස් සිලින්ඩරයක්, විදුලි පංකා 5ක්, රූපවාහිනී යන්ත්‍රයක්, ඩී.වී.ඩී. යන්ත්‍රයක්, පිත්තල කුකුළා පහනක්, විදුලි ස්ත්‍රික්කයක් ඇතුළු භාණ්ඩ තොගයක් නිවාසවල දොරටු ඇර සොරකම් කරගෙන ගොස් තිබුණි. පසුව සැකකාර අයියා මලෝ දෙදෙනා සොරකම් කර තිබුණු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අද (22) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්