එදා ජනතා විරෝධතාව මත සම්මත කර ගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කිරීමට පියවර නොගත් ආණ්ඩුව රෝහණ විජේවීර ඝාතනයට එරෙහි සාක්ෂිකරුගේ කට වැසීමටත් එම පනත යොදා ගෙන ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා (20) නුගේගොඩ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
“රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කළ අශෝක තෝරදෙණිය නියෝගයක් අරන් තිෙයනවා ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව. ඔහු තමයි රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ප්‍රබලම ඇසින් දුටු සාක්ෂිකරු. ඔහු තමයි එවකට යුද හමුදාවේ නිල ඡායාරූප ශිල්පියා. අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව බලයේ ඉන්න වෙලාවක ඒ දේශපාලන පක්ෂයේ නායකයාගේ ඝාතනයේ ප්‍රධානම සාක්ෂිකරුගේ කට වහන්න කියලා නියෝගයක් නිකුත් වීම ඉතිහාසයේ ඛේදවාචකයක්. අනිත් එක තමයි මේ නියෝගය දීලා තියෙන්නේ එදා ජනතාව එපා කියලා විරුද්ධ වෙද්දී සම්මත කර ගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතෙන්.
අපි දැක්කා, රවී කරුණානායක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට පනතක් ගෙනල්ලා තිෙයනවා OSA පනත අහෝසි කිරීමට. ආණ්ඩුව මේ ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. අපට තියෙන ප්‍රශ්නය තමයි පත් වෙලා මාස හතක් යනතුරුත් ඇයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බැරි වුණේ මේ ජනතාද්‍රෝහී පනත අහෝසි කරන්න. අද පනත ගෙනා අයම පනත අහෝසි කරන්න සංදර්ශන දානවා. ඒ අයට ඒ සංදර්ශන දාන්න අවස්ථාව හදලා දෙන්නෙ ආණ්ඩුවමයි. ආණ්ඩුව බලයට එන්න කලින් ගොඩක් කතා කිවුවා. හැබැයි දැන් ආයෙමත් පරණ ආණ්ඩු කටයුතු කළ විදිහටම මේ ආණ්ඩුවත් කටයුතු කරමින් යනවා.
අපි දන්න විදිහට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට එන පනත් කෙටුම්පත් වුණත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ආණ්ඩුවේ පනත් යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.”
රන්මලී සෝමසිරි